Jul 08, 2021

සීනි තොග වෙළෙන්දොත් හොඳටම කරයි; තොග මිල 25කින් උස්සයි Featured

දින 10 ක් තුළ සීනි කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 25 කින් වැඩි වී ඇතැයි වාර්තා වේ.
 
මෙවැනි මිල වැඩිවීමක් ඉතිහාසයේ කවර දිනක හෝ සිදුව නැති බව මාධ්‍ය වාර්තා කරයි.
 
සීනි ආනයන බද්ද සත 25ක්ව පවතින බැවින් සීනි ආනයනකරුවන්ගේ සංගමයට අනුව ආසන්න වශයෙන් සීනි මෙට්‍රික්ටොන් ලක්ෂ 600 ක් ආනයනය කර තිබේ.

එම සීනි තොග ලබන වසරේ මැයි මාසය දක්වා මෙරට පරිභෝජනයට ප්‍රමාණවත් බව ආර්ථික විශ්ලේෂක මතය වේ.

එසේ තිබියදී වෙළෙඳපොළේ සීනි මිල අසාමාන්‍ය ලෙස වැඩිවීම බරපතල කාරණාවක් බවද ඔවුන් පෙන්වාදෙයි.

මෙරට වාර්ෂික සීනි පරිභෝජනය ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 500 කි.

වසරකට රට තුළ දුඹුරු සීනී මෙට්‍රින් ටොන් සියයක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරේ.

ඒ අනුව, සීනි අවශ්‍යතාව සපුරා ගැනීමට ආනයන කිරීම සිදු කරන අතර ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් මත පැනවී තිබූ රුපියල් 50 ක බද්ද ඉකුත් වසරේ ඔක්තෝබර් මස 13 වැනිදා සත 25 දක්වා අඩු කළේ ය.

කෙසේවුවද, මේ මිල පහළ දැමීම සිදු කර තිබුණේ සීනි මෙට්‍රික්ටොන් 90,000 ක් පමණ රට තුළට ආනයනය කර තිබියදී බවද පැවසේ.

සත 25 බද්ද පැනවීමට සමගාමීව රජය සීනි අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස පසුගිය නොවැම්බර් මස 10 වැනි දා රජය විසින් ප්‍රකාශයට පත් කළේය.
 
ඒ අනුව ආනයනික සුදු සීනි කිලෝග්‍රෑම් 1 ක් ආනයනය සඳහා රුපියල් 85 ක උපරිම මිලක් ද පැනවිය.

එහෙත් එම උපරිම මිල පාලනයට රජය සමත් වූයේ නැත.

ඉකුත් පෙබරවාරි මස 08 වැනි දා සීනි අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ රජයේ තීරණයත් සමග රුපියල් 85 උපරිම සිල්ලර මිලද අහෝසි විය.

සීනිවලට අදාළව රජය ගත් ඊළඟ තීරණය වූයේ සීනි ආයනයන බලපත්‍ර අත්හිටුවීමයි.

එම තීරණය ඉකුත් මැයි මස 22 වැනි දා සිට බලපැවැත්වේ.

ඒ දක්වා මාස 8 ක පමණ කාලයක් තිස්සේ රටට සීනි ආනයනය කර ඇත්තේ කිලෝග්‍රෑම් එකක් සඳහා වන සත 25 ක ආනයන බද්දට යටත්වයි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top