Jul 09, 2021

ගුවන්ගමන අතර ඉන්ධන හිඟයක් ගැන කතා බොරු - ශ්‍රීලන්කන් Featured

පියාසර කරමින් සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් ඉන්ධන හිඟයකට මුහුණදුන් බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව එම සමාගම ප්‍රකාශ කර සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය ප්‍රකාශ කළේ පසුගිය 06දා ලන්ඩන් සිට කොළඹ බලා පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL504 දරණ යානයට කුවේට් ගුවන් අවකාශයට ඇතුළුවීමට අවසර නොලැබීම හේතුවෙන් වඩාත් දීර්ඝ ගුවන්ගමනක යෙදීමට සිදුවූ බවයි. සිය ප්‍රධාන රේඩාරය අක්‍රීය වීම හේතුවෙන් මෙම අවසරය ලබාදිය නොහැකි බවට කුවේට් ගුවන් පාලක බලධාරීන් පවසා තිබුණු බවද එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

කොළඹ නගරය බලා පැමිණීමට මෙම යානය සතුව ප්‍රමාණවත් ඉන්ධන පැවති නමුත් අතිරේක ආරක්ෂක ක්‍රමවේද අනුව යානය, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිවේන්ද්‍රම් නගරයට ගොඩබස්සවා තෙල් සැපයුමක් ලබාගෙන තිබෙන බව පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top