Jul 12, 2021

කෙරවල පිටියේ 40% ක් ඇමරිකාවට විකුණා කෙරවල කරයි

කෙරවලපිටියේ පිහිටි යුග ධනවි බලාගාරයේ රජයට අයත් කොටස් වලින් 40%ක් ඇමරිකාවේ පිහිටි සමාගමකට විකිණීමට මුදල් අමාත්‍යංශය මූලික ගිවිසුම් අත්සන් කර ඇතැයි වාර්තා වේ.

ඉහත සඳහන් කොටස් මිලට ගනු ලබන්නේ ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම මගිනි.
 
අත්සන් කරන ලද මූලික ගිවිසුමට අනුව පාවෙන ගෑස් ගබඩාවක් ඉදි කිරීමට නියමිතය.
 
එයට සවිකළ නළ මාර්ගයක් මගින් කැලණිතිස්ස සහ යුග ධනවි බලාගාරවලට ගෑස් ඉන්ධන සැපැයීම සිදුකෙරේ.
 
ඉහත සඳහන් ගනුදෙනුවට අදාළ කැබිනට් පත්‍රිකාව මීට දින කිහිපයටක පෙර සකස් කර ඇති බවද පැවසේ. 
 
එම කැබිනට් පත්‍රිකාවේ මූලික ස්වරූපයට අනුව ඇමරිකන් සමාගමට විකිණීමට නියමිතව තිබුණේ කොටස් 40%ක් නොව කොටස් 51% කි. 

බලාගාරයේ කොටස් ඇමරිකාවට විකිණීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිතිය බලවත් විරෝධය පළ කිරීමෙන් පසුව එය කොටස් 40% ක් දක්වා පහල බැස තිබේ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top