Jul 14, 2021

චීනයේ ගිය නෙගටිව් අය පොසිටිව් වූ හේතුව නවලෝක රෝහල කියයි

ශ්‍රී ලංකාවේ මගීන් කිහිප දෙනෙකු නවලෝක රෝහලෙන් නිකුත් කරන ලද PCR සහ ශරීරයේ නිපදවෙන ප්‍රතිදේහ (IgM) පරීක්ෂණය සෘණාත්මක (negative) වාර්තා දරමින් චීනයට ඇතුළු වූ පසු COVID-19 රෝගීන් ලෙස හඳුනා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නවලෝක රෝහල කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබේ.

සිය රෝහලෙන් PCR පරීක්ෂණ සිදු කළ චීන සංචාරයට සහභාගිවූ අය සියලුදෙනා එකම සමාගමක සේවකයින් බව සනාථ කරන එම රෝහල ඔවුන් පිටත්ව යාමට පෙර රෝහල විසින් සිදු කරනු ලැබූ PCR පරීක්ෂණවලින් ඔවුන් කොවිඞ්-19 වෛරසය ආසාදිත නොවන බව හෙළිවූයේ යැයි කියයි.

මෙම සංචාරකයින් රටින් බැහැර වීමට පෙර PCR පරීක්ෂණය සිදු කරන අවස්ථාවේදී ශරීරගත වෛරස් ප්‍රමාණය මූලික අවධියේ පැවතියේ නම් එම අවස්ථාවේ සිදු කරන PCR පරීක්ෂණයේ සහ lgM ප්‍රතිදේහ පරීක්ෂණයේ ප්‍රථිඵලය සෘණාත්මක වීමට ඇති ඉඩකඩ ඉහළ සම්භාවිතාවක පවතින එම රෝහල නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම කෝවිඞ් වෛරසය හඳුනාගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂණ වල ප්‍රතිඵල මෙලෙස වෛරසයේ වර්ධන අවස්ථාවේදී සිදු කිරීමේදී සෘණාත්මක ප්‍රතිඵලයක් ලැබීම සාමාන්‍ය තත්වයක් බවද එය ලොව ඕනෑම තැනක සිදු වූවද ප්‍රතිඵලය මීට සමාන විය හැකි බවද නවලෝක රෝහල් සමූහය සිය ප්‍රකාශය මගින් වැඩිදුරටත් සඳහන් කරයි.

මෙය හුදෙකලා සිදුවීමක් නොවන බව නවලෝක රෝහල් සමූහය අවධාරණය කරන අතර ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් මෙරටට පැමිණි විගස සිදු කරන පරීක්ෂණයේ ප්‍රතඵලය මේ ආකාරයටම ධනාත්මක බව පෙන්නුම් කළ ද ඔවුන් ශ්‍රී ලංකාවෙන් බැහැර වීමට පෙර සිදු කරන පරීක්ෂණයන්ගේ වාර්තා සෘණාත්මක බව බොහෝ අවස්ථා වලදී හඳුනාගැනීමට හැකිව තිබේ.

එම රෝහල නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

Hemars Hospitals 1

සැබැඳි පුවත්
චීන තානාපති කාර්යාලය නවලෝක රෝහල බ්ලැක් ලිස්ට් කරයි !

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top