Jul 20, 2021

චයිනා ඊස්ටන් කොළඹ - ෂැංහයි ගමන් අත්හරියි!

කොළඹ -  ෂැංහයි අතර පියාසර කරන චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් ගුවන් ගමන් සති දෙකකට අත්හිටුවීමට චීන සිවිල් ගුවන් සේවා නියාමන ආයතනය කටයුතු කර තිබේ.

ඒ ශ්‍රී ලංකාවේ කොළඹ සිට නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මිං දක්වා  ගමන් කළ ගුවන් යානයේ මගීන් හය දෙනෙකු COVID-19 සඳහා ධනාත්මක වීම හේතුවෙනි.

මේ අනුව කොළඹ-කුන්මිං ගුවන් ගමනද ලබන සතියේ සිට අවලංගු කරන බව චීන සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

ධනාත්මක බව පරීක්ෂා කරන මගීන්ගේ සංඛ්‍යාව පහකට අඩුනම් ගුවන් තහනම අත්හිටුවීම සතියක සිට දෙකක් දක්වා දීර්ඝ කෙරේ 10 ට ළඟා වුවහොත් අත්හිටුවීම සති හතරක් පවතිනු ඇතැයි වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top