එහි මුලසුන (සභාපති) හිමිව ඇත්තේ ප්‍රයිස්වෝටර්හවුස්කූපර් සමාගමේ හවුල් කළමනාකරු ලෙස කටයුතු කළ සුජීව මුදලිගේ මහතාය.
ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න, රජීව බණ්ඩාරනායක, ධර්මසිරි කුමාරතුංග, ජයන්ත ප්‍රනාන්දු, සදුන් හපුගොඩ, විශ්‍රාමික ගුවන් හමුදා කොමදෝරු ටී.ජී.ජේ. අමරසේන හා මිලින්ද රාජපක්ෂ යන මහත්වරු එම කමිටුවට ඇතුළත් සෙසු සාමාජිකයෝ වෙති.
ඔවුන්ගේ පැටිකිරිය සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙන්තුව මෙසේ සඳහන් කර තිබිණි.
ක්රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉිදිරිපත් කර තිබුණේ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතා විසිනි.
ඩිජිටල් ව්‍යාපාරික පරිසර පද්ධතියක් ඇති කිරීම පහසු කිරීම සඳහා ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්රිප්ටොකරන්සි මයිනින් ඇතුළු අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම යන ක්ෂේත්‍ර ඇතුළත්ව ඒකාබද්ධ පද්ධතියක් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇතැයි අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්ව තිබේ.
දකුණු ආසියාවේ බොහෝ රටවල් එම ක්ෂේත්රයන් ඇගයීම හා සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර එම රටවල් සමඟ තරගකාරී පදනමින් කටයුතු කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි කඩිනමින් අවධානය යොමු කළ යුතුව ඇතැයි ද එම යෝජනාවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ඒ අනුව, එකී ක්ෂේත්රයන්හි කටයුතු කරන සමාගම් වෙත ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය අණපනත්, නීතිරීති හා රෙගුලාසි පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත අවශ්‍ය කරුණු වාර්තා කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි නිපුණ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමටත්, 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනත සහ ඊට අදාළ සංශෝධනයන්හි විධිවිධානයන්ට යටත්ව, ක්රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අනුමැතිය ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
චීනයට අරහන් වූ ක්‍රිප්ටෝ...
පසුගිය සැප්තැම්බර් 24 වැනිදා චීන මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිප්ටෝ මුදල් වර්ගවල ගනුදෙනු නීතිවිරෝධී බවට තීන්දු කළේය.
මෙම මුදල් භාවිතා කිරීම චීන ජනයාගේ වත්කම්වලට බලවත් තර්ජනයක් වනු ඇතැයද ඔවුන් පෙන්වාදෙනු ලැබීය.
චීනය ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳපොළක් ලෙස පසුගිය කාලයේ පැවැතිනි.
එහි උච්චාවචනයන් බොහෝ විට ක්‍රිප්ටෝ මුදල් වල ගෝලීය මිල කෙරෙහි බලපායි.
චීන නිවේදනයත් සමඟම බිට්කොයින් මිල ඩොලර් 2,000 කට වඩා (ඩොලර් 1,460) අඩු විය.
වසර ගණනක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කල චීන මූල්‍ය අංශ මෙය නරකම මුදල් විශුද්ධිකරණය කිරීමේ ක්‍රමයක් ලෙස පෙන්වා දෙනු ලැබීය.
මඩේ ඇන්න ඉන්න වගේ මහ බැංකුවේ ප්‍රතිපත්ති..
වසර ගණනක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කල චීන මූල්‍ය අංශ මෙය නරකම මුදල් විශුද්ධිකරණය කිරීමේ ක්‍රමයක් ලෙස පෙන්වා දෙනු ලැබීය.
කෙසේවුවද, මේ වසරේ අප්‍රේල් 09 වැනිදා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීම අවදානම් සහගත බවයි.
අදාළ නිවේදනය නිකුත් කර මාස 6කට ආසන්න කාලයකින් පසුව මේ අතථ්‍ය මුදල්වල ආයෝජනය යහපත්වූයේ කෙසේද යන්න පිළිබඳව ගැටලුවක් ඇතැයි මූල්‍ය විශ්ලේෂකයින් පෙන්වාදී තිබේ.
ඊට අදාල නිවේදනය පහත දැක්වේ.