Oct 15, 2021

දේශීය කිරිපිටි මිලත් ඉහළට

දේශීය කිරි පිටි මිළ ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කළ බව එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව හයිලන්ඩ් කිරිපිටි කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 225 කින් සහ ග්‍රෑම් 400 පැකට් එකක් රුපියල් 90 කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව හයිලන්ඩ් කිරිපිටි කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක නව මිල රුපියල් 1170ක් වනු ඇත. මිල වැඩි කිරීමත් සමග ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල සටහන් වන්නේ, රුපියල් රුපියල් 470ක් ලෙසයි.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1195ක් ලෙස සහ ග්‍රෑම් 400 ක පැකට්ටුවක නව මිල රුපියල් 480ක් ලෙස පසුගියදා මිල සංශෝධනය කෙරිණි.

සබැඳි පුවත්

පැලවත්ත නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙයි !

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top