Oct 16, 2021

සෙලාන් බැංකුව අයුතු පොහොසත්වීමකට අර ඇදලා; CEO කල් මරලා Featured

රුපියල් ලක්ෂ 15ක බැංකු අයිරාවක් සඳහා 28% ක පොලියක් අය කිරීමට කටයුතු කරමින් සෙලාන් බෑන්ක් පීඑල්සී විසින් අයුතු පොහොසත්වීමකට හා අධික ලාභ ලබා ගැනීමේ අරමුණෙන් වංචනික ලෙස කටයුතු කර ඇති බවට චෝදනා කරමින් සෙකියුරිටි කින්ග්ඩම් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම එම බැංකුවට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබේ.

KapilaA දෙවැනි විත්තිකරු - කපිල ආරියරත්න ( ප්‍රධාන විධායක නිලධාරී (සෙලාන් බෑන්ක් පීඑල්සී) එම සමාගම විසින් රුපියල් මිලියන පහළොවක් වටිනවා ඉඩමක් සුරැකුමක් ලෙස උකසට තබමින් අදාළ බැංකු අයිරාව ලබාගෙන ඇති අතර බැංකු අයිරාව සම්පූර්ණ වශයෙන් හා අවසාන වශයෙන් පියවීමට ලක්ෂ 18ක් ගෙවීමට එම සමාගම 19-03-2021 දී කැමැත්ත පල කර ඇත.

කෙසේවුවද, සෙලාන් බැංකුව හා මේ නඩුවේ දෙවැනි විත්තකරු වන ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා අදාල ඉල්ලීමට පිළිතුරු එවීමට මාස තුනක් කල් මරා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර, අදාළ බැංකුව විසින් බැංකු ගිනුම්කරුට ගිනුමේ තොරතුරු ලබාදීම ද ප්‍රතික්ෂේප කර ඇති අතර එම තොරතුරු ලබාදෙන ලෙසද ගිනුම් හිමිකරු විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

බැංකු නීති රීති අනුව ගිනුම් හිමිකරුට ඔහුගේ ගිනුමේ තොරතුරු ලබාදීම අනිවාර්ය බැවින් පහත සඳහන් තොරුතුරු ලබාදෙන ලෙස ගිනුම් හිමිකරු ඉල්ලා සිටී.

  1. 2019 මාර්තු මස 31 වන දිනට ශේෂය ?
  2. 9 අප්‍රේල් මස 1 වන දින සිට 2020 මාර්තු 31 වන දිනට අය කළ පොලී අනුපාතය ( ප්‍රතිශතය) ?
  3. 2020 මාර්තු 31 වන දෙන්ඩ ගිණුමේ ශේෂය?
  4. 2020 ප්‍රේල් 1 වන දින සිට 2021 මාර්තු 31 දක්වා අය කළ පොලී අනුපාතය ( ප්‍රතිශතය) ?
  5. 2021 මාර්තු 31  වන දිනට ශේෂය
  6. 2020 මාර්තු 20 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ චක්‍ර ලේඛ 4/2020 හා 2020 මාර්තු 27 වන දින චක්‍රලේඛන අංක 5/2020 දරණ චක්‍ර ලේඛනයට අනුව පැමිණිලිකාර ආයතනයට ලබාදුන් සහන ?
  7. 2020 මාර්තු සහ ක්තෝම්බර් ශ්‍රී ලංකා  මහ බැංකුවේ චක්‍ර ලේඛන අනුව පැමිණිලිකාර ආයතනයට කොපමණ මුදලක් අඩු කර ඇත්තේද?
  8. 2021 මාර්තු 19 වන දින රුපියල් ලක්ෂ 18 ක් ගෙවා බැංකු අයිරාව ගෙවා අවසන් කිරීමට ඉල්ලා සිටි විට බැංකුවට අය වීමට තිබූ මුදල කොපමණද?

මේ අතර, කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රට වැසීම හා ව්‍යාපාර අඩපනවීම නිසා මහ බැංකුව විසින් ලියාපදිංචි බැංකුවලට ලබාදීමට නියම කරන ලද Debt Moratorium සහන ද ලබා දී නොමැති බව පැමිණිලිකාර සෙකියුරිටි කින්ග්ඩම් ප්‍රයිවට් ලිමිටඩ් පෙන්වා දී තිබේ.

සෙලාන් බෑන්ක් පීඑල්සී හා  එහි ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතාට තවත් කාන්තාවක් විසින් මෙවැනිම නඩුවක් පවරා ඇති බවද වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top