Oct 18, 2021

කතක් කිරිපිටි සමාගමකින් බිලියනයක වන්දියක් ඉල්ලයි! Featured

නීති විරෝධීව හා අත්තනෝමතිකව සේවය අවසන් කිරීමෙන් සිදු වූ අගතියට රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙස විදේශීය කිරිපිටි සමාගමක සේවය කළ මෙරට සේවිකාවක් දේශීය සමාගමට ඉල්ලීමක් කරමින් එන්තරවාසියක් යොමු කර ඇත.
 
පිටකෝට්ටේ පදිංචි එස්.කේ. සෙනවිරත්න මහත්මිය මෙම එන්තරවාසිය සිය නීතිඥ අරුල්ප්‍රගාසම් මහතා මඟින් යොමු කර ඇත.

තම සේවය අත්තනෝමතිකව  නීති විරෝධීව හා සාධාරණ යුක්ති ධර්මයන්ට පටහැනිව අවසන් කිරීමෙන් සිදු වූ අගතියට අදාළව මෙම වන්දි මුදල් තමා වෙත ගෙවන ලෙසට එන්තරවාසිය මඟින් දැනුම්දී තිබිණි. අදාළ වන්දිය දින 14ක් තුළ තමාට නොගෙවන්නේ නම් සමාගමට එරෙහිව වන්දි නඩුවක් ගොනු කරන බවට එම එන්තරවාසිය මඟින් ඇය වැඩිදුරටත් දැනුම්දී ඇත.

2011 වසරේ සේවයට එක්වූ තමන් වසර අටක් සේවය කිරීමෙන් පසු සුදුසුකම් හා සේවය අගයමින් අදාළ උසස්වීම් ලබාදීම වෙනුවට පසුගිය දෙවසරක කාලය තුළ  අසත්‍ය චෝදනා එල්ල කළ  බවත්  ඒ සම්බන්ධයෙන් තමන් කම්කරු උසාවියට ගිය බවත්  එහිදී එම අධිකරණයේ ඇති වූ සමථය ප්‍රකාරව කටයුතු නොකිරීමෙන් සිදු වූ අගතියට හා සිත් වේදනාවට අදාළව මෙම වන්දිය ගෙවන ලෙසත් එම එන්තරවාසියෙන් ඇය දැනුම්දී තිබිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top