Nov 24, 2021

Dialog Television අබ්ලික් වූ හේතුව පබ්ලික් කරයි (Update)

ඩයලොග් රූපවාහිනීය මේවන විට ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත්ව ඇති බවට අප කළ හෙළිදරව්වෙන් පසුව එම ආයතනය අපගේ ට්විටර් ගිණුම ටැග්කරමින් ඊට පිළිතුරු සපයා තිබේ.

අපගේ පුවත සම්බන්ධයෙන් ඩයලොග් ආසියාටා දක්වා තිබූ ප්‍රතිචාරය...Dialog Answerඑහි මෙසේ දැක්වේ.
"ආයුබෝවන්, අපි දැනට අපගේ චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේ බාධාවකට මුහුණ දී සිටින බවත්, සියලුම Dialog Television නාලිකා හරහා ඔබට විකාශන පාඩුවක් අත්විඳිය හැකි බවත් ඔබට දන්වා සිටීමට අපි කනගාටු වෙමු. අපි මෙම ගැටළුව ඉක්මනින් නිවැරදි කිරීමට කටයුතු කරමින් සිටින බවට සහතික වන අතර සේවාව සම්පුර්ණයෙන්ම ප්‍රතිසාධනය වූ පසු ඔබට දැනුම් දෙනු ඇත. සිදු වූ අපහසුතාවයට අපි සමාව අයදිමු."

------- අවසන් යවත්කාලීන කිරීම (Wednesday, 24 November 2021 11:26)

ඩයලොග් ටීවීත් අබ්ලික් වෙයි

ඩයලොග් රූපවාහිනීය මේ වනවිට ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත්ව තිබේ.

එම ආයතනය කියා සිටින්නේ එය නැවත සක්‍රීය තත්ත්වයට පත්වන වේලාවක් පවා කිව නොහැකි බවයි.

ඩයලොග් අයතනයේ දුරකථන සම්බන්ධතා, මෙන්ම ඩේටා සම්බන්ධතා ද මේවන විට දැඩි ලෙස දුර්වලව පවතින බවට පාරිභෝගිකයන් පාරිභෝගික අධිකාරියට පවා පැමිණිලි කර ඇති බව පැවසේ.

මේ තත්ත්වයට හේතුවී ඇත්තේ රජය විසින් දුරකථන සංඥා කුළුණුවලට බදු පැනවීමත් සමඟ ඔවුන් විසින් පසුගිය කාලයේ දිවයින පුරා තිබූ දුරකථන කුළුණු ප්‍රමාණය අඩු කිරීමත්, ධාරිතාව ඉක්මවා සම්බන්ධතා ලබාදීමත් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top