Jan 27, 2022

මයික්‍රෝ ලෝරන්ස් BOI අධ්‍යක්ෂ මණ්ඩලයට දැම්මේ ඇයි? Featured

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ.

අතුල සපුතන්ත්‍රි, ජනාධිපති නීතිඥ කුෂාන්ද අල්විස්, ආචාර්ය ලෝරන්ස් පෙරේරා මෙන්ම මීට පෙර පැවැති අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වූ ජයමින් පැල්පොලද ඊට ඇතුළත්ය.

අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානියා ලෙස පසුගිය මාසයේදී ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නව සභාපති රාජා එදිරිසූරිය කටයුතු කරයි.

කෙසේවුවද, මෙම අධ්‍යක්ෂ මණ්ඩලයට මයික්‍රෝ කාර් සමාගමේ සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා පත් කිරීම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබේ.

මේ අතර, ජනාධිපතිවරයා විසින් පසුගියදා කළ රාජාසන කතාවේදී ඉදිරියේ දී වාහන ගෙන්වීම සඳහා අවසර ලබාදීමේ දී විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ ගෙන්වීම සඳහා ප්‍රමුඛතාව දෙන බවට ප්‍රකාශයක් කර ඒ අතරතුර වාහන එකලස් කිරීම සම්බන්ධ ලෝරන්ස් මහතා මෙම අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම ගැනද සැක මතුව ඇතැයි පැවසේ.

පරිපාලන අධ්‍යක්ෂත් 31 දා අස්වෙයි!

ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සංජය මොහොට්ටාල සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජිකයෝ 2021 දෙසැම්බර් 01 වැනිදා ඉල්ලා අස්වීමට තීරණය කළහ.

නමුත් ජනාධිපතිවරයා විසින් ඔවුන්ගේ ඉල්ලා අස්වීම පළමුව ප්‍රතික්ෂේප කර තිබිණි.

මේ අතර ආයෝජන මණ්ඩලයේ පරිපාලන කටයුතු මෙහෙයවන ලද අධ්‍යක්ෂ ජෙනරාල් 2022 ජනවාරි 31 වැනිදා ඉල්ලා අස්වනු ඇතැයි වාර්තා වේ.

සබැඳි පුවත්

මයික්‍රෝ කාර් ලොක්කෝ වංචාවකට පාරිභෝගික අධිකාරියට කැඳවයි

මයික්‍රෝ කාර් කළ මගඩියක් ගැන ජනපතිට හා අගමැතිට පැමිණිලි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top