Jan 28, 2022

මහින්ද පත් කළ මොල්ලිගොඩ BOC අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි! Featured

ලංකා බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ජයම්පති මොල්ලිගොඩ මහතා එම ධුරයෙන් ඉවත්ව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ලබන ජනවාරි 31 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදුවන බව බැංකුව මගින් නිවේදනය කර සිටියි.

ඒ මහතා බැංකුවෙහි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිටී.

තේ මණ්ඩලයේද සභාපතිවරයා ලෙස කටයුතු කරන ජයම්පති මොල්ලිගොඩ මහතා පසුගිය වසරේ පෙබරවාරි 18 වැනිදා ලංකා බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කෙරිණ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී මෙම පත් කිරිම සිදුවිය.

අද වන විට ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ කාංචන රත්වත්ත (සභාපති), ආර්.එම්.පී. රත්නායක (අධ්‍යක්ෂ), හර්ෂ විජේවර්ධන (විධායක නොවන අධ්‍යක්ෂ), අනුර ක්‍රිස්ටෝපර් (විධායක නොවන අධ්‍යක්ෂ), විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි (විධායක නොවන අධ්‍යක්ෂ) යන මහත්වරුන්ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top