ඒ මහතා ඊයේ (27) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ චාමින්ද නිෂෝන් නැමැති අයකු පුංචි කාර් නිවසට ගොස් වාහනයක් මිලදී ගෙන ඇති බවත්, අදාළ වාහනයේ ලියාපදිංචි පොතෙහි එහි එංජින් ධාරිතාව 990 සීසී ලෙස සටහන්ව තිබුණද, දින පහකට පමණ පසුව එහි අලුත්වැඩියාවක් සිදු කිරීමට ගරාජයකට දැමූ පසු එහි කාර්මිකයන් විසින් මේ කාරයේ ඇති එංජිමේ ධාරිතාව 660 සී.සී. බව හෙළිකරගෙන ඇති බවයි.
පසුව මේ සම්බන්ධයෙන් එම මෝටර් රථයේ හිමිකරු පුංචි කාර් නිවසට පැමිණිළි කර ඇති බවත්, එහිදී එම ආයතනය පවසා ඇත්තේ මේ මෝටර් රථය විකුණා ඇත්තේ හොරණ, හඳපාන්ගොඩ සිටින චන්ද්‍රසිරි මාගම්මන නැමැති අයකු බවත්, එබැවින් එහි වගකීම සිය ආයතනයට ගත නොහැකි පවසා ඇතැයි මහවත්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සිය ආයතනය තුළ සිදු කළ මේ ගනුදෙනුව සම්බන්ධයෙන් පුංචි කාර් නිවස වගකීමක් ගත යුතු බවත්, මෙය එකතුවී කරනු ලබන වංචාවක්ද යන්න සැක සහිත බවත්, සංජය මහවත්ත මහතා එහිදී කීය.
මාලඹේ පිහිටි පුංචිකාර් නිවසේ හිමිකරුවන්නේ හිටපු මාධ්‍යවේදියකු බව කියන සරත් යාපා බණ්ඩාර නැමැත්තෙකි.