Jan 29, 2022

සහල් මිල පහළට

සතොස හරහා අලෙවිකරන ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් දෙකකින් අඩුකිරීමට පියවර ගත් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඒ අනුව රුපියල් 130කට සතොස අලෙවි කළ ආනයනික සම්බා සහල් කිලෝවක් අද (29) සිට රුපියල් 128කට අලෙවි වනු ඇත.

සහල් තොග මිල සොයා බැලීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පෙරවරුවේ පිටකොටුව සහල් තොග වෙළඳසල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top