Jan 30, 2022

සෙලන්ඩිවා රජයේ ඉඩම් විකුණන්න බ්‍රෝකර්ලා සොයයි!

රාජ්‍ය හිමිකාරිත්වය යටතේ පවතින ගොඩනැගිලි කිහිපයක් අලෙවි කිරීමට අවශ්‍ය අතරමැදියන් සොයා ගැනීමට මහා භාණ්ඩාගාරයේ පූර්ණ හිමිකාරිත්වය යටතේ පවතින සෙලන්ඩිවා සමාගම කටයුතු කරමින් පවතින බව 'ද සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කර තිබේ.
 
ඒ අනුව කොළඹ පවතින ආර්ථිකමය වශයෙන් ඉතාමත් වැදගත් යෝක් ගොඩනැගිල්ල, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, හිල්ටන් ක්‍රීඩා මධ්‍යස්ථානය, ප්‍රධාන හිල්ටන් හෝටලය යනාදී වත්කම් මෙසේ අලෙවිකිරීමට නියමිතය.

මේ හරහා අදාළ වත්කම් සංවර්ධනය කිරීමට ආයෝජකයන් සොයා ගැනීමට සෙලන්ඩිවා සමාගම අපේක්ෂා කරයි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top