ඒ අදාළ වංචාව සිදු කළ බව කියන හොරණ හඳපාන්ගොඩ චන්ද්‍රසිරි මාගම්මන නැමැති අය ඉංගිරිය පොලිසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙනි.
ඉංගිරිය පොලිසිය විසින් මහවත්ත මහතාට පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇති පැමිණිලි පෝරමය පහත දැක්වේ.
මේ අතර, අදාළ මෝටර් රථයේ ලියාපදිංචි පොතෙහි පිටපතක් හා එම මෝටර් රථය ගරාජයට ගෙනයාමෙන් පසුව වාහනයේ ලියාපදිංචි පොතෙහි එහි එංජින් ධාරිතාව 990 සීසී ලෙස සටහන්ව තිබුණද, එහි අලුත්වැඩියාවක් සිදු කිරීමට ගරාජයකට දැමූ පසු එහි කාර්මිකයන් විසින් මේ කාරයේ ඇති එංජිමේ ධාරිතාව 660 සී.සී. බව හඳුනා ගැනීමෙන් පසුව ගත් වීඩියෝවක් අපවෙත ලැබී තිබේ.
අදාළ ලියාපදිංචි පොතේ පිටපතක් හා එම වීඩියෝව පහත දැක්වේ.
පුංචි කාර් නිවස සිදුකරනු ලබන්නේ වාහනයක් විකුණා ගැනීමට අවශ්‍ය අයකුට එම වාහනය සිය ආයතනය තුළ ප්‍රදර්ශනයකර ගැනුම්කරුවකු සම්බන්ධකර එය විකුණා දී ඒ සඳහා බ්‍රෝකර් ගාස්තුවක් ලබා ගැනීමයි.
මේ අතර පුංචි කාර් නිවස විසින් ශ්‍රී ලංකා මිරර් වෙත ඊමේල් පනිවුඩයක් යොමුකරමින් අදාළ කාරනාව සම්බන්ධයෙන් ප්‍රකාශය සිදුකළ පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසා තිබේ.
එසේම එහි හිමිකරු සරත් යාපා බණ්ඩාර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධවෙමින් ශ්‍රී ලංකා මිරර් වෙත කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සිය නිර්දෝශීභාවය ප්‍රකාශකර හෙට (31) අප වෙත ප්‍රකාශයක් ලබාදෙන බවයි.
සබැඳි පුවත්
මාලඹේ පුංචි කාර් නිවස හොර ගුහාවක්? (වීඩියෝ)