අදාළ යෝජනාව මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර මේවන විට තුන්මසකට වැඩි කාලයක් ගතව ඇති බව පැවසේ.
මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මෙම ක්‍රමයට වාහන ගෙන්වීම තුළින් රට තුළ මතුව ඇති වාහන ආනයනය අර්බුදයට සහ ඩොලර් ප්‍රශ්නයට ද එකවර විසඳුම් සෙවිය හැකි බවයි.
මේ සම්බන්ධයෙන් මෙරට වාහන ආනයනකරුවන්ද යහපත් ප්‍රතිචාර දක්වා ඇති අතර ඒ සඳහා සූදානම්ව සිටින බව ඔවුන් දැනුම් දී ඇති බවද වාර්තා වේ.
මෙරට වාහන ආනයනය කිරීම සදහා විදේශන්හිදීම ඩොලර් ගෙවා, ඒ සඳහා වන බදු ද ඩොලර් වලින් ගෙවීම් කිරීමේ වැඩපිළිවෙළක් පිළිබදව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් නිසි පිළිතුරක් ලැබී නැතැයි වාර්තා වේ.
Last modified on Thursday, 03 February 2022 07:00
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362