Feb 02, 2022

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් ගන්න ගිවිසුම් අත්සන් කරයි (ඡායා)

ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ එක්සිම් බැංකුව හා ශ්‍රී ලංකා රජය විසින් අද (02) දිනයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය රේඛා ගිවිසුමක් සඳහා අත්සන් තැබීය.
 
මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම් - එස්. ආර්. ආටිගල මහතා විසින්ද එක්සිම් බැංකුව වෙනුවෙන් එහි ප්‍රධාන සමාන්‍යාධිකාරී - ගෞරව් භන්දාරී මහතා විසින්ද මෙම ගිවිසුම අත්සන් කර තිබුණි.
 
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස්තුමා ඉදිරිපිට දී මෙම ගිවිසුම අත්සන් කර තිබේ.
23
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top