Feb 06, 2022

යෝගට් එක හැටට නගියි!

ආනයනික අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා ඉදිරියේදී යෝගට් එකක මිල රුපියල් 55 - 60 අතර මිලක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා කිරි ආහාර නිෂ්පාදන සංගමයේ උප සභාපති මංජුල නිශාන්ත මහතා මාධ්‍යට පවසා තිබේ.

ඩොලර් හිඟ නිසා අමුද්‍රව්‍ය මිල දිනෙන් දින ඉහළ යෑම නිසා 2020 වසරේ රුපියල් 30 ක්ව තිබූ යෝගට් එකක් මේ වන විට රුපියල් 50 ක් දක්වා ඉහළ දමා තිබුණ ද නිෂ්පාදකයාට ලාභයක් නොමැති බවද  මංජුල නිශාන්ත මහතා සඳහන් කරයි.

යෝගට් කර්මාන්තයට කිරි අඩුවීම සහ අමුද්‍රව්‍ය මිල අධික වීම දැඩි බලපෑමක් කර ඇති බව ද ඔහු කියා සිටී.

එම ගැටලුවට රජය මැදිහත් වී විසඳුමක් ලබාදිය යුතු බවත් ඒ මහතා පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top