Feb 06, 2022

සෙලාන් බැංකුව ගිනුම් හිමියෙකුගෙන් වැඩි පොලියක් ගන්න වෙට්ටුවක් දාලා

සෙලාන් බෑන්ක් පීඑල්සී හා එහි ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා විසින් එහි ගිනුම් හිමියකුට පොලිය හා ගෙවිය යුතු මුදල ගණනය කිරීම කල්හරිමින් හා මඟහරිමින් එම මුදල වංචනික ලෙස ගණනය කර ඇති බවට අදාළ ගිනුම් හිමියා කොළඹ දිසා අධිකරණයට දැනුම්දීමක් කර තිබේ.

මේ දැනුම්දීම කර ඇත්තේ රුපියල් ලක්ෂ 15ක බැංකු අයිරාවක් සඳහා 28% ක පොලියක් අය කිරීමට කටයුතු කරමින් සෙලාන් බෑන්ක් පීඑල්සී විසින් අයුතු පොහොසත්වීමකට හා අධික ලාභ ලබා ගැනීමේ අරමුණෙන් වංචනික ලෙස කටයුතු කර ඇති බවට චෝදනා කරමින් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇති සෙකියුරිටි කින්ග්ඩම් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසිනි.

ඉහත සඳහන් නඩුවේ සිතාසි 2021 සැප්තැම්බර් මස ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු විත්තිකරුවන්ට බාරදී ඇති අතර පසුව විත්තිකරුවන් 2021 සැප්තැම්බර් මස 23 වැනිදා පෙරකලාසි ගොනු කොට විරෝධතා හා උත්තර සඳහා දින ඉල්ලා තිබේ.

මේ නඩුවේ විත්තිකාර සෙලාන් බැංකුව පැමිණිලිකරුගේ පැමිණිල්ලේ 17 වැනි ඡේදය හා පැමිණිල්ලේ ආයාචනයේ "ආ" ඡේදයේ ඉල්ලා ඇති තොරතුරු විස්තර වසන්කරමින් එම තොරතුරු විස්තර ලබාදීම පැහැර හරිමින් කල් මරමින් පැමිණිලිකරුගෙන් අධික පොලියක් අයකරමින් වංචනික ලෙස කටයුතු කරණ බවට ද චෝදනාකරමින් ලියවිලි ගොනු කොට ඇත.

පැමිණිල්ලේ 17 වන ඡේදය හා පැමිණිල්ලේ "ආ" ජේදය සම්බන්ධයෙන් කෙටි දිනකදී අතුරු නියෝග නොතීසි නිකුත් කළත් ගිනුම්හිමියාට අවශ්‍ය විස්තර භාරදීම පැහැර හැරීම සම්බන්ධයෙන් ද එම බැංකුවට චෝදනා එල්ලවී ඇත.

සබැඳි පුවත්
සෙලාන් බැංකුව අයුතු පොහොසත්වීමකට අර ඇදලා; CEO කල් මරලා

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top