Mar 28, 2022

ශ්‍රීලංකන් මොස්කව් යාම නවත්වයි!

ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් නගරය අතර සිදුකරන ගුවන්ගමන් අද (28) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.

ගුවන් සමාගමට පාලනය කළ නොහැකි හේතු නිසා එම තීරණය ගත් බව නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහන්කර ඇත.

රුසියාවේ තත්ත්වය යථා තත්ත්වයට පත්වූ පසු නැවත එම මෙහෙයුම් ආරම්භකිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සමාගම කොළඹ සහ මොස්කව් අතර සතියකට දෙවරක් ගුවන්ගමන් සිදුකළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top