ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමෙන් තවදුරටත් පහත හෙළීමට මූඩිස් ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව Caa2 ශ්‍රේණිගත කිරීම්වල සිට Ca දක්වා පහත හෙළා ඇති බව වාර්තා වේ.
ඇතැම් විදේශ ණය ආපසු ගෙවීම් අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබේ.
මීට පෙර එස් ඇන්ඩ් පී සහ ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතන ද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ තත්ත්වය පහත දමා තිබුණි.