Apr 25, 2022

ශ්‍රී ලංකන්ට එන අවුරුද්දේන් පස්සේ දුවන්න ගුවන් යානාත් නෑ!

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා 24 න් යානා 11 ක් ඉදිරි වසරක කාලය තුළ අඩුවන බව එම ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය කියයි.

එසේ ගුවන් යානා සංඛ්‍යාව අඩුවුවහොත් ශ්‍රී ලන්කන් හට ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ තරග කළ නොහැකි තත්ත්වයක් උදාවනු ඇතැයි ද එම සංගමය සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා 24 න් ගුවන් යානා අටක ධාවන කාල සීමාව ලබන වසරේ (2023) අවසන් වන බවත්, වර්තමාන දෛනික කාලසටහන පවත්වාගෙන යෑමට ගුවන් යානා ලබාගැනීම අනිවාර්ය බවත් එම සංගමය කියයි.

වාණිජ ගුවන් යානා කීපයක් එකවර ලබාගැනීම ක්‍ෂණිකව කළ නොහැකි නිසා නියමිත කාලසීමාවට පෙර ඇනවුම් කිරීමෙන් වෙළෙඳපොල වාසිය ලබාගත හැකි බවත්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා ලබාගැනීමට සූදානම් වීමට එල්ල වන චෝදනා පිළිබඳව කරුණු දක්වමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය එසේ පවසයි.

සබැඳි පුවත්
IMF කෝන්දේසිවලට කලින් ශ්‍රී ලංකන් ඩීල්එකක් දාන්න යයි!

ශ්‍රී ලංකන් පාඩුව බිලියන 372ක්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top