Apr 26, 2022

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් Featured

පවතින ආර්ථික අසීරුතාවට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600 ක මූල්‍යාධාරයක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ.

ඉන් ඩොලර් මිලියන 400 ක් පළමු අදියරේ කඩිනමින් ලබාදෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා මහත්මිය අද (26) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙමින් දැනුම් දී තිබේ.

ඉන් ඩොලර් මිලියන 400ක් පළමු අදියර යටතේ කඩිනමින් ලබාදෙන බව ඇය පවසා තිබේ.

ඖෂධ හා සෞඛ්‍ය අවශ්‍යතා, සමාජ ආරක්ෂණ, කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතාව සහ ගෑස් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙම මුදල් ලබාදීමට නියමිතය.

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබාදෙන බව ද ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top