Apr 29, 2022

අමුද්‍රව්‍ය නැතිව ත්‍රිපෝෂ නිෂ්පාදනය මාස 3ක් තිස්සේ නැවතිලා! Featured

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ත්‍රිපෝෂ බෙදාදීම සිදු නොකරන බවට චෝදනාවක් එල්ලවී තිබේ.
 
උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල දරුවන්ට ත්‍රිපෝෂ නොමැතිවීම නිසා ඔවුන් මන්ද පෝෂණයට ලක්වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවද පැවසේ.

එම ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් සඳහන් කරන්නේ තමන්ට ත්‍රිපෝෂ ලැබුණේ මුල් මාස කිහිපයේදී පමණක් බවයි.

මේ අතර ලංකා ත්‍රිපෝෂ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක මාධ්‍ය වෙත පවසා ඇත්තේ, අමුද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් මාස 3ක සිට ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමේ කටයුතු නතර කර ඇති බවයි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top