May 03, 2022

තායිලන්ත සමාගමකින් ගෑස් මිලට ගන්න අනුමැතිය

තායිලන්තයේ සියම් ගෑස් සමාගමෙන් වසරක කාලයක් සඳහා LP ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම සමාගම මඟින් මෙරට වාර්ෂික ගෑස් අවශ්‍යතාවයෙන් 70%ක් සැපයීමට නියමිතය.

එම සමාගමයෙන් මිල දී ගන්නා ගෑස් මෙට්‍රික් ටොන් 1ක මිල වර්තමානයේ ගෑස් මිල දී ගන්නා ඕමාන සමාගමේ ගෑස් මෙට්‍රික් ටොන් 1කට වඩා අමෙරිකානු ඩොලර් 9කින් අඩු බවද වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top