මේ බව හෙළිදරව් කර ඇත්තේ haveibeenpwned.com නම් බ්ලොග් අඩවිය විසිනි. මෙම බ්ලොග් අඩවියට අනුව, විද්‍යුත් තැපැල් ලිපින මිලියන 1.5ක්, IP හා භෞතික ලිපින, නම්, දුරකථන අංක හා භාණ්ඩ මිලදී ගැනීම් වල දත්ත මෙන්ම කාඩ්පත් වල අර්ධ වශයෙන් දත්තද මීට ඇතුළත් බව එහි දැක්වේ.
haveibeenpwned.com යනු දත්ත සොරකමක් සිදුවූ විටදී, සිය අන්තර්ජාල ගිණුමක් ඔස්සේ තමන්ගේ දත්තද අනතුරට ලක්ව ඇතැයිද සැක හැර දැනගැනීම නොමිලේ ලබාගත හැකි අන්තර්ජාල සම්පතකි.
වසර 2022 අප්‍රේල් 01දා PayHere වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරය හේතුවෙන් එම සේවය යළිත් ප්‍රතිස්ථාපනය කිරීමට පැය 36ක් ගතවී තිබුණි.
පූර්ණ කාඩ්පත් දත්ත අනතුරට ලක්වී නෑ - PayHere
මේ අතර, බ්ලොග් සටහනක් එක්කරමින් PayHere සමාගම පවසා ඇත්තේ එම සයිබර් ප්‍රහාරයෙන් සිය කීර්තිනාමයට හානි වුවද, තමාගේ කිසිඳු සේවාදායකයෙකු හට හෝ වෙළඳ සමාගමකට මූල්‍යමය පාඩුවක් සිදු නොවීමට කටයුතු කර ඇති බවයි. තවද, කිසිදු කාඩ්පතක සම්පූර්ණ නොම්මර ද අනතුරට ලක්ව නැති බවද ඔවුන් අවධාරණය කරයි.
මේ වන විටත්, පොලිසියේ පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාශය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරගෙන යන බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සිය බ්ලොග් අඩවියේ පළ කරන බවත් PayHere සමාගම වැඩිදුරටත් කියා සිටියි.