May 16, 2022

අදානි අම්බුජා සිමෙන්ති මිලට ගනියි

වරාය - බලශක්ති ආදි ක්ෂේත්‍ර රැසකට විහිදුණු ව්‍යාපාර අධිරාජ්‍යයක් හිමි ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටින අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි විසින් අම්බුජා සිමෙන්ති සමාගමේ බහුතර කොටස් ඇමෙරිකානු ඩොලර් බිලියන 10 යි දශම 5කට මිල දී ගෙන තිබේ.

අම්බුජා සිමෙන්ති සමාගමේ සියයට 63 යි දශම 9 ක කොටස් අදානි විසින් මෙලෙස මිල දී ගෙන ඇත්තේ ස්විට්සරලන්ත බහුජාතික සමාගමක් වන හොල්සිම් වෙතිනි.

අම්බුජා මෙන්ම එහි අනුගත සමාගමක් වන ඒ.සී.සී. සමාගමේ කොටස් ද මිල දී ගැනීමත් සමග අදානි සමූහය ඉන්දියාවේ දෙවැනි විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා බවට පත්වේ.

ඉන්දියාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා වන්නේ අල්ට්‍රා - ටෙක් සිමෙන්ති නිෂ්පාදනය කරන ආදිත්‍ය බිර්ලා සමූහයයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top