May 17, 2022

උච්චමුනෙයි විකුණුවේ නෑ - සංචාරක අධිකාරිය

කල්පිටියේ පිහිටි උච්චමුනෙයි දූපත විදෙස් රටකට විකුණා ඇති බවට පසුගිය දිනක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සංචාරක සංවර්ධන අධිකාරිය පවසා ඇත්තේ එම දූපත විකුණා නොමැති බවත්, අවශ්‍ය සෘජු විදේශ ආයෝජන (FDIs) ගෙන ඒමේ උත්සාහයක් ලෙස විදේශීය ආයෝජකයෙකුට වසර 30 ක කාලයක් සඳහා බදු ගිවිසුමක් අත්සන් කර තිබෙන බවත්ය.

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top