May 17, 2022

ඩීසල්, පෙට්‍රල් සහ ලයිට් බිල වැඩි කිරීමක් ?

රාජ්‍ය ආයතනවල වංචා දූෂණ පිළිබද සොයා බැලීම වෙනුවට ඩීසල්, පෙට්‍රල් සහ විදුලි බිල වැඩි කිරීමේ සූදානමක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ජාතිය අමතා කළ ප්‍රකාශයේදී තෙල් සංස්ථාව පාඩු ලබන බවට සිදුකළ ප්‍රකාශය සැළකිල්ලට ගෙනයි ඔවුන් මේ බව අවධාරණය කරයි.

අදාල ආයතනවල සිදුවන වංචා හා දූෂණ හේතුවෙන් සිදුවන පාඩු සදහා පාරිභෝගිකයින් වගකිවයුතුව නැති බවද එම ආයතන වල සිදු වූ වංචා හා දූෂණ පිළිබදව හෙළි කිරීමටද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සූදානම් බවද එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top