මීට අදාළ තීරණය මහ බැංකු අධිපතිවරයා විසින් අද (19) ප්‍රකාශයට පත්කරනු ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.
මේ වැඩිකිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 අංක 04 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය එළිදැක්වීමට සමගාමීව සිදුකරනු ඇතැයි පැවසේ.
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔහුගේ ප්‍රධානත්වයෙන් පළමු වරට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 වනදා රැස්ව තිබිණි.
එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 700 බැගින්, පිළිවෙලින් 13.50% සහ 14.50% දක්වා ඉහළ නැවීමට තීරණය විය.
මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක වරක දී ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවූ විශාලතම පදනම් අංක ගණනයි.