May 19, 2022

පාන් බනිස් අලෙවිය බහී - කර්මාන්තය කඩා වැටීම ආසන්නයේ

දිවයිනේ තිරිගු පිටි සමාගමක් විසින් යලිත් වතාවක් බේකරි නිෂ්පාදනය සදහා භාවිතා කරන තිරිගු පිටි කිලෝවක මිල රු. 40කින් ඉහල දැමිම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන රැසකම මිල යලිත් ඉහල යාම හමුවේ අලෙවිය සීඝ්‍රයෙන් පහල වැටිමේ අවධානමක් පවතින බව බේකරි හිමියන් සදහන් කරයි.

එම සමාගම තිරිගු පිටි මිල වැඩි කිරිම හමුවේ මෙරට තවත් තිරිගු නිෂ්පාදනය කරන තවත් සමාගමක්ද තිරිගු පිටි මිල වැඩි කරන බවට එම සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට දැනුම් දි ඇති බවද බේකරි හිමියන් කියා සිටියි.

කිලෝ 50 ක තිරිගු පිටි මිටියක් මිල දි ගැනිමට රු දස දහසකට වැඩි මුදලක් පිරිවැයක් ලෙස දැරිමට සිදු වන බවත් එයට සමගාමීව බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරන අමුද්‍රව්‍ය රැසකම මිල දිනෙන් දින වැඩි විම හමුවේ මෙම කර්මාන්තය කඩා වැටිමේ දැඩි අවදානමකට ලක් වි ඇති වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top