May 19, 2022

පාන් මිල රු. 30කින් ඉහළට

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිළ රු. 30 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

සෙසු බේකරි නිෂ්පාදන මිළද රු. 10 කින් වැඩි කිරීමට සිදුවන බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියේය.

පිටි සමාගම් විසින් අද පෙරවරුවේදී තිරිගු පිටි මිළ ඉහළ දමා තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top