May 20, 2022

IOC ෂෙඩ් වලින් බූලි වලට පෙට්‍රල් නෑ!

ලංකා IOC පිරවුම්හල් වලින් පෙට්‍රල් ලබාදෙනුයේ වාහන වලට පමණක් බව එම සමාගම පවසයි.

මෙම තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි අනුගමනය වන බවත්, ඒ අනුව, බෝතල් හා බූලි වලට පෙට්‍රල් ලබා නොදෙන බවත් එම සමාගම විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

මහජනතාවගේ හා දේපල වල සුරක්ෂිතභාවය තහවුරු කිරීමට මෙම තීරණය ගෙන ඇතැයි එහි වැඩිදුරටත් දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top