එසේම ගෑස් බෙදා හැරීමට අදාල නිවැරදි තොරතුරු වෙබ් අඩවියේ සහ ජංගම දුරකථන යෙදවුමක පළ කිරීමටත්, විසිහතර පැය පුරා ක්ෂණික ඇමතුම් අංක හරහා තොරතුරු ලබා දීමටත් කෝප් කමිටුව නිර්දේශ කර ඇත.
රක්ෂණ සංස්ථාවේ සංචිතවලින් මේ මොහොතේ යම් මූල්‍ය ශක්තියක් ලබා දීමට ඇති හැකියාව සොයා බලා පියවර ගැනීමටත් නිර්දේශ කළේය.
කෝප් කමිටුව හි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්විය.
ලිට්රෝ ගෑස් බෙදා හැරීම කඩිනම් කිරීම ඇතුළු කාරණා පිළිබද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තුවේදී ඊයේ (19) සාකච්ඡා විය.
මේ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට මෙසේ කැඳවනු ලැබූහ.
ඉන්දියානු ණය පහසුකම යටතේ ලැබෙන ඇ.ඩො. මිලියන 120 න් ඉදිරි මාස තුනේදී ගෑස් සැපයුම ලබා දිය හැකි බවද මෙහිදී අනාවරණය කෙරිණ.
අධික ජනගනත්වයක් පවතින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාවට ඉදිරි සතියේ දී ගෑස් බෙදා හරින ලෙසටද කමිටුව උපදෙස් දුන්නේය.
ගෑස් සිලින්ඩර ලක්ෂ 35ක හිගයක් රටේ පවතින බවත් දැනට පැමිණ ඇති නැව් දෙකෙන් දිනකට ගෑස් සිලින්ඩර 80,000 බැගින් දිවයින පුරා සිටින ප්‍රධාන නියෝජිතයන් 42 ක් සහ අනෙකුත් උප නියෝජිතයන් හරහා බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවත් ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.
අයහපත් කාලගුණය නිසා මුතුරාජවෙලදී බෝයාව සම්බන්ධ කිරීමට අපහසු බැවින් කොළඹ වරායට නෞකාව රැගෙවිත් ගෑස් ගොඩබෑමට සිදුවූ බව පැවසූ සභාපතිවරයා ඒ හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදු වූ බවද සඳහන් කළේය
එහෙත් නැවත සාමාන්‍ය පරිදි ගෑස් ගොඩ බෑමට ඉදිරියේදී හැකිවනු ඇති බව ලිට්රෝ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
හැකිතාක් කඩිනමින් ගෑස් බෙදා හැරීමේ අවශ්‍යතාව කෝප් සභාපතිවරයා අවධාරණය කළේය.
අද දිනයේ බෙදල තියෙන්නේ ගෑස් සිලින්ඩර් පනස්දහසයි!
මේ අතර, අද දිනයේද හැකි උපරිම අන්දමින් ගෑස් බෙදා හැරීම සිදු කළ බව පවසන එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කර ඇත්තේ කෙසේවුවද අද (20) දිනයේ වෙළෙඳපොළට මුදා හැරීමට හැකිවූයේ ගෑස් සිලින්ඩර් 50,00ක් බවයි.