ඒ අනුව, ලබන දෙසැම්බරය දක්වා පෙට්‍රල් සහ ඩීසල් සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට ඔවුන් මෙම රටවල් දෙකෙන් ඩොලර් මිලියන 500 බැගින් ලබා ගැනීමට සැලැසුම් කර ඇති බවද එහි දැක්වේ.
මෙම පියවර ගෙන ඇත්තේ ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් පමණක් ඉතිරිව තිබියදීය.
කෙසේවුවද, භාණ්ඩාගාරය විසින් විදේශ අමාත්‍යාංශය හරහා බොරතෙල් මිලදී ගැනීමට රුසියාවෙන් කළ ඉල්ලීමකට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද එහි දැක්වේ.