එසේම භූමිතෙල් සඳහා සහනාධාරයක් දිය යුතු ධීවර, වතු කම්කරු පිරිස් ඇතුළු අඩු ආදායම්ලාභී පිරිස් වෙත ධීවර පරීක්ෂක, තේ පරීක්ෂක, ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් හරහා මාසිකව මුදල් ආධාරයක් දීමේ වැඩපිළිවෙලක් සැලසුම් කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම භූමිතෙල් ලීටරයක් රුපියල් 87 කට අලෙවි කිරීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් 275.26ක අලාභයක් ලබන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අඩු මිලට භූමිතෙල් අලෙවි කිරීම නිසා විවිධ පිරිස් එය අවභාවිතා කරන බව ද මේ දිනවල ඉවුම් පිහුම් සඳහාත් විශාල පිරිසක් භූමිතෙල් ලබාගන්නා බව ද ඇතැම් බස් රථ රියදුරන් ඩීසල් වැඩිවන විට භූමිතෙල් තොග රැස්කරමින් ඒවා යොදා ප්‍රවාහන කටයුතුවල යෙදෙන බවත් ඇමතිවරයා පැවසීය.
තවද අමාත්‍යවරයා ප්‍රවාහන ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර කියා සිටියේ, බස්රථවල දුම් සහතික ලබා දීමේදී ඔවුන් භාවිතා කර ඇත්තේ ඩීසල් ද භූමිතෙල් ද විමර්ශනය කරන ලෙසයි.