May 27, 2022

නිහාල් ෆොන්සේකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට

ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයට පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවිය.

පාර්ලිමේන්තු සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (26) රැස්විය.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු සහභාගී වූහ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top