අග්‍රාමාත්‍යවරයා මේ නියෝගය නිකුත්කර ඇත්තේ හදිසි අවශ්‍යතා සඳහා ඩීසල් තොග ලබාදීමට චීනය කළ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර නොදැක්වූ බව හෙළිදරව් වීමෙන් පසුවය.
මෙම යෝජනාව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා වැඩ භාර ගැනීමට පෙර ඉදිරිපත් කර තිබූ එකක් බවද පැවසේ.
චීනය සිංගප්පූරුවේ තිබෙන තොගවලින් ඩීසල් ලබාදීමට සූදානම් වුවනත් ශ්‍රී ලංකාවේ ආකල්පය චීන පුදුමයට පත්කර ඇති බවද වාර්තා වේ.
මේ අතර, අගමැතිවරයා වැඩ භාර ගැනීමට සති දෙකකට පෙර නොගෙවූ ණය ආපසු ගෙවීම කල් දැමීම සම්බන්ධයෙන් චීනයේ එක්සිම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුව සමඟ මුදල් අමාත්‍යාංශය විසින් පැවැත් වූ සාකච්ඡා එම අමාත්‍යංශයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් හදිසියේම නවතා දමා ඇති බවද හෙළිව තිබේ.
චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාවය (CIDCA) දැනටමත් හදිසි ආධාර ලෙස යුවාන් (චීනයේ නිල මුදල් ඒකකය) මිලියන 500ක් ලබා දී ඇත.
ආධාර යටතේ පළමු සහල් තොගය චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර මීට අමතරව නිශ්චිත ඖෂධ ලැයිස්තුවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා තිබේ.
මූලාශ්‍රය - ද සන්ඩේ ටයිම්ස්