ඒ අනුව රජය ඩුබායි හි සැපයුම්කරුවෙකුගෙන් ස්වෛරී මුදලක් ඇතුළත් නව ගෙවීම් සැලැස්මක් මත මිලියන 75 (රුපියල් බිලියන 27) ක සයිබීරියානු බොරතෙල් තොගයක් ලබාගෙන ඇත.
ඉරාන සහ ඕමාන බොරතෙල්වලින් ක්‍රියා කළ සපුගස්කන්ද පිරිපහදුව සයිබීරියානු බොරතෙල්වලින් ක්‍රියා කළ හැකිදැයි අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ නව බොරතෙල් ප්‍රභේදය ඊට ගැළපෙන නමුත් එහි පෙට්‍රෝලියම් නිෂ්පාදන කාර්යක්ෂමතාව තහවුරු වන්නේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව බවය.
සපුගස්කන්ද පිරිපහදුව මෙහෙයුම් ආරම්භ කළ පසු දිනකට සයිබීරියානු බොරතෙල් මෙට්‍රික් ටොන් 3,500-4,000ක් භාවිත කිරීමට සැලසුම් කර ඇත.