May 30, 2022

ලංකාවට ඩොලර් මිලියන 700ක් දෙන්න තීරණය කර නෑ - ලෝක බැංකුව

ශ්‍රි ලංකාව තුළ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බව එම බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වනඅධ්‍යක්ෂ ෆරීස් එච්. හදාද් - සාවෝ (Faris H. Hadad-Zervo) මහතා පවසයි.

ශ්‍රි ලංකාවට ඉදිරි කාලයේදී ඩොලර් මිලියන 700ක් ලබාදිමට ලෝක බැංකුව සූදානම් බවට පළවන වාර්තා උපුටා දක්වමින් ඔහු මේ බව පවසයි.

කොළඹ සිටින ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය වන චියෝ කන්ඩා මහත්මිය හා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතර පසුගිය 27දා පැවැති හමුවක් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අද (30) නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබුණේ "ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක පමණ මුදලක් ලබා දෙන බවද එතුමිය ප්‍රකාශ කළ," බවයි.

විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර තිබූ සම්පූර්ණ නිවේදනය මෙසේය :

World Bank Sinhala 22 05 30

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top