May 31, 2022

බේකරි 2,000ක් පමණ වැසෙයි - රැකියා ලක්ෂයක් පමණ අහිමී වෙයි

පවතින අර්බුදය හමුවේ බේකරි 2,000ක් පමණ වැසී ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් රැකියා ලක්ෂයක් පමණ අහිමී වී ඇති බවයි.

මෙයට හේතුව ලෙස ඔහු පෙන්වා දී තිබෙන්නේ, උඳුන් ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය ඩිසල් සහ ගෑස් නොමැති වීමයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top