ඒ අනුව සීනි බනිස් ගෙඩියක මිල රුපියල් 100 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවද සභාපතිවරයා පවසයි .
එම නිසා බේකරි නිෂ්පාදන වැට් බද්දෙන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අගමැතිවරයාට ලිපියකින් දැනුම් දුන් බව ද ඔහු ප්‍රකාශ කරයි.
බේකරි කර්මාන්තය සඳහා යොදා ගන්නා සියලුම අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී ඒ සඳහා වැට් බදු ගෙවන බවත් යළිත් බේකරි නිෂ්පාදන සඳහාද වැට් බදු ගෙවීමට සිදුවීම අසාධාරණ හා බේකරි හිමියන්ට දරා ගත නොහැකි බවත් සභාපතිවරයා කියා සිටියි.
වැඩිදුරටත් කියා සිටියේ, රටේ පවතින ආර්ථික අර්බුදය නිසා බේකරි 2000ක් පමණ දැනටමත් වැසි ඇති බවත් බේකරි නිෂ්පාදනය හා අලෙවිය ද 50%කින් පමණ අඩුවී ඇති බවයි.