Jun 07, 2022

"සහල් උපරිම මිලේ වෙනසක් කර නෑ"

ව්‍යාපාරික ප්‍රජාව සහල් උපරිම සිල්ලර මිලට යටත්ව අළෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහල්වලට උපරිම මිල නියම කරමින් පසුගිය මැයි මස 02 වැනිදා නිකුත් කළ අංක 82 දරණ ගැසට් පත්‍රයේ කිසිඳු සංශෝධනයක්, අවලංගු කිරීමක් හෝ පවතින සහල් මිල වැඩි කිරීමක් සිදුකර නොමැත.

එම ගැසට් පත්‍රයට අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 230 ක් සහ කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 260 ක් ලෙස උපරිම මිල පවතියි.

උපරිම මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කිරීම සම්බන්ධයෙන් රට පුරා වැටලීම් කර නඩු පැවරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top