Jun 09, 2022

සහල් මෙට්‍රික් ටොන් 32,000ක් සතොස හරහා

වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී මෙට්‍රික් ටොන් 43,000ක් සහල් කොට සතොස මගින් බෙදා හරින ලෙස කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දී තිබේ.

මේ වනවිට වෙළෙඳ පොලේ සහල් හිඟයක් සහ මිල ඉහළ මට්ටමක පවතින නිසා එය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

දැනට වී අලෙවි මණ්ඩලය සතු වී තොගවලින් සහල් මෙට්‍රික් ටොන් 32,000ක් පමණ සකසා ගත හැකි බව වී අලෙවි මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

සබැඳි පුවත්

වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්
https://sinhala.srilankamirror.com/news/35680-wadi-milata-sahal-alavi

"සහල් උපරිම මිලේ වෙනසක් කර නෑ"
https://sinhala.srilankamirror.com/news/35630-sahal-uparima-mile

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top