Jun 12, 2022

කළු කඩේ ඩොලර් මිල බසී!

කොළඹ නිල නොවන මුදල් වෙළෙඳපොළේ (කළු කඩයේ) අමෙරිකානු ඩොලරය ඇතුළු විදේශ මුදල් විකිණුම් මිල ගණන් සෑහෙන පමණ අඩු වී තිබේ.

මෙයට මාස දෙකකට පමණ පෙර ඩොලරයක විකිණුම් මිල සම්මත බැංකු විනිමය අනුපාතයට වඩා රු. 75/- ඉක්මවූ අවස්ථා තිබිණි. 

එහෙත් දැන් මහ බැංකුවේ සම්මත විනිමය අනුපාතය අනුව ඩොලරයක විකිණුම් මිල රු. 365/- ක් ලෙස සටහන් වෙද්දී කළු කඩයේ ඩොලරය රු. 379/- ක් ලෙස වාර්තා විය. එහි පරතරය රු. 14/- කට අඩුවීම විශේෂ සිදුවීමකි.

ඒ අතර මහා බ්‍රිතාන්‍ය පවුමේ අලෙවි මිල රු. 468/- ක් ලෙස මහ බැංකුව සටහන් කරද්දී එය කළු කඩයේ අලෙවි වන්නේ රු. 472/- ක මුදලකටයි. 

එහි පරතරය රු. 4/- කි. යුරෝ මුදල් ඒකකය සඳහා මහ බැංකුව නිකුත් කළ අලෙවි කරන මිල රු. 395/- කි. 

එය කළු කඩයේ අලෙවි කරන්නේ  රුපියල් 400/- මිලකටය. බ්‍රිතාන්‍ය පවුම සහ යුරෝ මුදල් අලෙවියේදී කළුකඩ ව්‍යාපාරිකයන් අය කරන මිල සෑහෙන පමණ අඩුවීමද කැපී පෙනේ.

(දේශය)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top