Jun 13, 2022

විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, තමන් එම ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත් බවයි.

මේ අතර විදුලිබල මණ්ඩලයේ නව සභාපති ධුරයට එහි හිටපු උප සභාපති නලින්ද ඉල්ලංගකෝන් මහතා පත්කර ඇති බවද එම සටහනේ වැඩිදුරටත් සටහන් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top