Jun 16, 2022

Internet Explorer විශ්‍රාම යයි

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දශක ගණනාවක් පුරාවට ජනප්‍රිය අන්තර්ජාල බ්‍රවුසර් මෘදුකාංගයක් වන Internet Explorer හි පාරිභෝගික අනුවාදය නවත්වා තිබේ.

Internet Explorer 11 යනු එහි අවසන් අනුවාදය බව පවසමින් මේ බව මයික්‍රොසොෆ්ට් සමාගම පසුගිය වසරේදී නිවේදනය කර තිබුණි.

තවදුරටත් මයික්‍රොසොෆ්ට් හා රැඳී සිටීමට කැමති පාරිභෝගිකයන් හට වසර 2015දී මයික්‍රොසොෆ්ට් 10 මෙහෙයුම් පද්ධතිය හා නිකුත් වූ Microsoft Edge හා එක්විය හැකි බව එම සමාගම පවසයි.

වසර 1995 දී වින්ඩෝස් ඩෙස්ක්ටොප් පරිගණක වලින් ඇරඹුනු Internet Explorer, වසර 2004 වන විට වෙළඳපොලෙන් 95% ක් අත්පත් කරගැනීමට සමත් විය.

කෙසේවෙතත්, Google Chrome, Apple's Safari සහ Mozilla Firefox වැනි මීට වඩා වේගවත් බ්‍රවුසර් බිහිවීමත් සමග එහි ජනප්‍රියත්වය කෙමෙන් හීන විය.

Google Search, Facebook හා YouTube වැනි සෙවුම් මෘදුකාංග වල ජනප්‍රියත්වය ඉහළ යාමද Internet Explorer හි අවාසියට හේතුවිය.

ඇපල් ස්මාර්ට්ෆෝන් වලට සෆාරි බ්‍රවුසරයත්, ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන වලට ක්‍රොම් බ්‍රවුසරයත් නිෂ්පාදන ක්‍රියාවලියේදීම ස්ථාපනය කිරීම මගින් Internet Explorer වෙත අවසන් මරු පහරත් එල්ල විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top