Jun 17, 2022

මහ මෝල්ලු ජනතාව ගසාකන්නේ මෙහෙමයි!

මහා පරිමාණ සහල් මෝල් හිමියන් තිදෙනා පසුගිය කන්නවලදී අඩු මිලට මිලදී ගත් වී තොග සහල් කර මේ දිනවල වැඩි මිලට අලෙවි කිරීම නිසා, දිනකට රුපියල් කෝටි දහයක ලාභයක් ලබන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා කියා සිටියේය.

මහා පරිමාණ වී මෝල් හිමියන් මේ දිනවල වෙළෙඳ පොළට නිකුත් කරනු ලබන්නේ පසුගිය යල කන්නයේදී මිලදී ගත් වී තොග සහල් බවට පත්කර බවත්, ඔවුන් එම වී කිලෝවක් මිලදී ගෙන ඇත්තේ රුපියල් 60 කට බවද ඔහු කීවේය.

එමෙන්ම, ඉකුත් මහ කන්නයේදී මෙම මහා පරිමාණ වී මෝල් හිමියන් වී කිලෝවක් මිලදී ගෙන ඇත්තේ රුපියල් 110 කට බවද මුදිත් පෙරේරා කියා සිටී.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යටතේ පනවා තිබෙන පාලන මිල යටතේ සහල් අලෙවි කළත්, මහා පරිමාණ වී මෝල් හිමියන් තිදෙනාට සහල් කිලෝවකින් රුපියල් 50 ක ලාභයක් තිබෙන බවද ඔහු කීවේය.

මේ නිසා පාලන මිල යටතේ පහසුවෙන් සහල් නිකුත් කිරීමේ හැකියාව මහා පරිමාණ වී මෝල් හිමියන් තිදෙනාට ඇති බවත්, ජනතාවට සහල් මිලදී ගැනීමට නොහැකිව දෙල් ආහාරයට ගනිමින් දුක් විඳිද්දී මහා පරිමාණ වී මෝල් හිමියන් තිදෙනා අසාධාරණ ලෙස මුදල් උපයන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත්


ඩඩ්ලි හා ගම්ලත්ගේ සහල් මාෆියාවට ජනපති හබකක් අටවයි !

හාල් මිල පාලනය 10 දෙනෙක් අතේ

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top