Jun 20, 2022

LIOC තෙල් බවුසර් 23ක් කොළඹට Featured

පවතින තෙල් අර්බුදය හමුවේ ලංකා IOC සමාගම විසින් ඊයේ (19) දින ත්‍රිකුණාමල තෙල් පර්යන්තයෙන් තෙල් බවුසර් 23ක් නිකුත් කර තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක - මනෝජ් ගුප්තා මහතා පවසා ඇත්තේ ප්‍රධාන වශයෙන් කොළඹ කලාපයේ ඉන්ධන පිරවුම්හල් වෙනුවෙන් ඊයේ පස්වරුවේදී මෙම තෙල් බවුසර් නිකුත් කළ බවයි.

බලශක්ති අවශ්‍යතා සපුරාලීමට ඔවුන් සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර, ඊයේ දින මාධ්‍ය හමුවක් පවත්වමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසා තිබුණේ ලංකා IOC සමාගමට අයත් ත්‍රිකුණාමලය තෙල් පර්යන්තයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 10,000ක් ඇති බවත් එය වෙළඳපොළට නිකුත් කරන ලෙස ඔවුන්ට දැන්වූ බවත්ය.
එම සමාගම විසින් දිනපතා වෙළඳපොළට නිකුත් කරන්නේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 300ක් බවත් එය 1000ක් දක්වා ඉහළ නංවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත් :

වෘත්තිමය ත්‍රීරෝද රථ ලියාපදිංචි කර තෙල් දෙන ක්‍රමයක්!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top